Armed police security for election commission members who received threats

පොලිස් සාක්ෂිකරුවන් ට තර්ජනයක් ?

ඇප මත මුදාහැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් නිලධාරීන් පිරිසක් අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට අනුයුක්ත කිරීම නිසා එම සිද්ධියට සම්බන්ධ පොලිස් සාක්ෂිකරුවන්ට තර්ජන එල්ලවී තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට පත්වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නිලධාරියෙකු වන සුමේධ වීරසිංහ විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ  කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදු කළ බව වාර්තා විය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා කරුණු දක්වමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය නැවතත් ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර ඇති බව ප්‍රකාශ කළේය.

අනතුරුව එම නිලධාරීන්ගෙන් පිරිසක් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ රාජකාරියට යොදවා ඇති බව ඔහු පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පෙළේ සාක්ෂිකරුවකු මේ වනවිට ඝාතනයට ලක්වී ඇති බවද, අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් එල්ලවී ඇති බවද රජයේ නීතීඥවරයා සඳහන් කර තිබේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළ බව අධිකරණ වාර්තාකරු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *