කොළඹ දුම්රිය ගොඩනැගිලි ලස්සන කර ලාභ උපයන්න යයි

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩි දියුණු කිරීමට කැබිනට්  අනුමැතිය ලැබී ඇත.

කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානයන් පිහිටි භූමිපහා ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමේ ඉහළ විමතාවයක් පවතින බව 2023-11-6 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී හඳුනාගෙන තිබේ.

ඒ අනුව එකී දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල හා ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමටත් ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *