Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සා/පෙළ විභාග විෂයයන් 7 දක්වා අඩු කෙරේ : ඇමති සුසිල්

susil
susil
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සාමාන්‍ය පෙළ විභාගය සඳහා දැනට පවතින විෂයයන් සංඛ්‍යාව විෂයයන් හතක් දක්වා අඩු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත සහ පාරිසරික දැනුම ඇගයීමට ඉතිරි විෂයයන් තුන ගන්නා බවයි.

ඒ ආකාරයට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ (උ/පෙළ) විභාගවලින් කිසිම දරුවකු අසමත් නොවන බවද හෙතෙම පැවසීය.

දරුවන්ගේ මනාප සහ කුසලතා පෙන්වන විෂය ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ද පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.

මෙවර උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන් 3,37,000ක් අතරින් සිසුන් 50,000කට ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණ පුහුණුව සහ මාර්ගෝපදේශනය ලබාදීමට කටයුතු යොදා ඇත.

මාර්තු 5 වැනිදා සිට දිවයින පුරා මධ්‍යස්ථාන 300කදී මෙම පුහුණු වැඩසටහන පැවැත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස