ජනපතිගෙන් අලුත් කැබිනට්ටුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණ මෙහෙයුම වෙනුවෙන් දේශපාලන කැබිනට්ටුවක් පත්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට සමගාමීව මැතිවරණ සැලසුම් මෙහෙයවීම සඳහා විශේෂ කමිටුවක්ද නම් කර තිබේ.

මෙලෙස පත්කර ඇති දේශපාලන කැබිනට්ටුව ඉකුත් සඳුදා රාත්‍රියේ රැස්ව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඊට කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොවූ ජනපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ද ඇතුළත් බව වාර්තාවෙයි.

මීට සමගාමීව මැතිවරණ සැලසුම් මෙහෙයවීම සඳහා ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් සහ නිමල් ලන්සා, මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇතැයි වාර්තාවෙයි.

එම කමිටුව ඉකුත් බදාදා රැස්ව ඇති අතර ඉදිරියේදී සෑම සතියකට වරක්ම රැස්වීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *