ගාල්ල බන්ධනාගාරයෙන් යළි මොළේ උණ රෝගියෙක්

ගාල්ල බන්ධනාගාරයෙන් යළි මොළේ උණ වැළඳුණු රෝගියෙකු හඳුනාගෙන තිබේ.

බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේ, අදාළ රෝගියා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.

පසුගිය 19 වැනිදා බන්ධනාගාරගත වූ රැඳවියෙකු මෙලෙස රෝගී වී ඇති බව සඳහන්ය.

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන අතර බන්ධනාගාරය තුළින් වෙනත් මොළේ උණ රෝගීන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසීය.

පසුගිය කාලයේ ගාල්ල බන්ධනාගාරයෙන් මොළේ උණ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වූ අතර එහිදී රෝගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ වෙතත් රෝගය පාලනය කිරීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *