භික්ෂු ශාසනයෙන් නෙරපා හැර ඇති මීවනපලානේ සිරි ධම්මාලංකාර නමින් පෙනී සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් උතුම් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැලී සිටින සිරිසේන සපුතන්ත්‍රි නැමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.
තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ,මල්වතු පාර්ශවයේ මහා නායක, වර්කාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායකය ,කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක ,මකුලාවේ ශ්‍රී විමලාභීන රාමඤ්ඤ මහ නිකායේ මහානායක මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමුකොට ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ .
ථෙරවාදී පාලි ත්‍රිපිටකය සම්බන්ධයෙන් සාවද්‍ය මතවාද ප්‍රචාරය කරමින් බුද්ධ චරිතය හා ත්‍රිපිටකා ගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතළ ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නියැලී සිටින මීවනපලානේ සිරිධම්මාලංකාර නමින් පෙනී සිටින භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳ අවස්ථා ගණනාවකදී අප විසින් ගරු ජනාධිපතිතුමන් ඇතුළු වගකිවයුතු අංශ දැනුවත් කර ඇත .