රජයේ වැඩපිළිවෙළ වෙනුවෙන් කොන්දේසි විරහිතව තම සහාය ලබාදෙන බව විල්ගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ග්රාම නිලධාරීන් ජනාධිපතිවරයා හමුවේ ප්රකාශ කර තිබේ.
ඒ, මාතලේ, විල්ගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අස්වැසුම සහ උරුමය වැඩසටහන් ක්රියාත්මකවීම පිළිබඳ සොයා බැලීමේ හමුවකට මෙහිදී එක්වී තිබුණි.
මේ අතර විල්ගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්රාම සේවා නිලධාරීන් මුහුණ දී ගැටලු ජනාධිපතිවරයා වෙත වාචිකව මෙන්ම ලිඛිතව ද ඉදිරිපත් කළේය.
එම ගැටලු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට කටයුතු කළේය.
දුෂ්කරතා හමුවේ වුවද ඔවුන් ජනතාව වෙනුවෙන් ඉටු කරන සේවාව අගය කළ ජනාධිපතිවරයා අස්වැසුම සහ උරුමය වැඩසටහන සඳහා සහාය ලබාදීමට ඉදිරිපත් වීම පිළිබඳව ද ග්රාම නිලධාරීන් වෙත සිය ස්තූතිය පළ කළේය.