පාඨලී සජබ හමු වෙයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පි රණවක මහතා සහ සමගි ජන බලවේගය අතර හමුවක් කොළඹ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි.

එක්සත් ජනරජ පෙරමුණ විසින් එළිදැක්වූ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව මෙම හමුව සිදුවූ බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබුර් රහුමාන් යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලක, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *