Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම අරඹයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මාර්ගගත සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කර ගැනීමට කටයුතු කළ බව කියමින් සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, ශාන් විජලාල්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී  ඊට අත්සන් තැබූහ

ඔබේ අදහස