බලපත් නැති ඖෂධ හලට මුද්‍රා

පුත්තලම නගරයේ  බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සියබාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල ගැන්විමේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා මහතා පැවසිය.

ලැබුණ පැමිනිණිලි මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් එක්වි මෙම වැටලිම සිදුකර තිබු අතර ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂව ලබා දීමට කටයුතු කර තිබුණි.

පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුවන් විසින් දැඩි අවවාද කර එම ස්ථානයෙ ඖෂධ ඉවත් කරන ලෙසට  මීට පෙර කල දැනුම් දීම් පවා නොතකමින් පවත්වාගෙන ගොස් තිබු බව කියයි.

වැටලිම සිදුවන අවස්ථාවේදි ඖෂධ අලෙවි කරමින් සිටි බවත් අලෙවි කිරීම සදහා තිබු ලක්ෂ 10 කට අධික විවිධ ඖෂධ වර්ග සියල්ල පුත්තලම ඖෂධ නියාමන අධිකාරිය බාරයට ගෙන ඒම  ස්ථානයට මුද්‍රා තැබිමට කටයුතු කළ බවද ඖෂධ නියාමන අධිකාරී කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *