මීගමුව ලෙල්ලමේ අර්බුදය උණුසුම් අතකට

මීගමුව – පිටිපන ප්‍රදේශයේ මීසම් 04ක පූජකවරුන් සහ කතෝලික ජනතාව අද (25) පෙරවරුවේ මීගමුව ශුද්ධ වූ කානික්කා දේවමාතාවන්ගේ දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය.

ඒ, ලෙල්ලමේ බලය හෙබවූ ධීවරයන්ට ඒරෙහිව ය.

ඔවුන් පවසන්නේ, අදාළ ධීවර කණ්ඩායම අගරදගරු හිමිපාණන්ට සහ කතෝලික පල්ලියට එරෙහි ව අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි.

ලෙල්ලම යනුවෙන් ප්‍රසිද්ධ වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපොළ පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගිය දා නියෝග කළේ ය.

ඒ, පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහි ව අගරදගුරු හිමිපාණන් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව ය.

ඒ පිළිබඳ කතෝලික සභාවේ ක්‍රියාකලාපයට අප්‍රසාදය පළ කරමින් ලෙල්ලමේ ධීවරයන් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට පසුගිය දා ‍‍විරෝධතාවක් ද පැවැත්වූ නමුත් කතෝලික සභාව කියා සිටියේ, ලෙල්ලමෙන් සුළු පිරිසක් ලබන වාසිය බහුතර ධීවර ප්‍රජාවට ලබාදීමේ අරමුණින් තමන් නෛතික ක්‍රියාදාමයකට යොමු වූ බව ය.

ඉන් නොනැවතුණු කතෝලික සභාවට අයත් මීගමුව පිටිපන මීසම් 04ක පූජකවරුන් ඇතුළු පිරිසක් අද මීගමුව ශුද්ධ වූ කානික්කා දේවමාතාවන්ගේ දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය.

ඒ, ලෙල්ලමේ බලය හෙබවූ ධීවරයන්ට අප්‍රසාදය පළ කරමිනි.

පිරිස කළු කොඩි ප්‍රදර්ශනය කරමින් සහ දේවස්ථානවල සීනු නාද කරමින් එම විරෝධතාව පැවැත්වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඔවුන් පවසන්නේ, අදාළ ධීවර කණ්ඩායම අගරදගරු හිමිපාණන්ට සහ කතෝලික පල්ලියට එරෙහි ව අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවය.

කෙසේ වෙතත් කතෝලික රදගුරු හිමිපාණන් සමඟ නඩුමඟට එළැඹ සිටින ලෙල්ලමේ ධීවර පාර්ශ්වය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්, තමන්ට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *