ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා, උතුරු නැගෙනහිර පන්සල් වල දානය නැවැත්වූ බවට කෙරෙන ප්‍රකාශයට මෙසේ පිළිතුරු ලබා දුන්නේ ය.
මේ හාස්‍ය ජනක ප්‍රශ්නයක් අහන්නේ. මම බෞද්ධයෙක් හැටියටත් ඒ කඳවුරු වල ලගම තියන පන්සල් වලට දානයක් දෙන එක වලක්වන්න තරම් මම එච්චර බාල හමුදා නිලධාරියෙක් ද? අපි දානය තමයි මේ දෙන්නේ. මා ඇතුළුව හමුදාව දෙන්නේ ජීවිත දානය. මේ උතුරු නැගෙනහිර ධර්මය ප්‍රචාරය කරන සිල්වත් ස්වාමින්වහන්සේ නමකට දානය දෙන එක නවත්වන එක පාප කර්මයක්. මම ඒ පාප කර්මයට කොහෙත්ම කොටස් කාරයෙක් නෙමේ.
ස්වාමින්වහන්සේලා එහෙම පවසනවා නම් මම ඒ ගැන කනගාටු වෙනවා. මම සිංහල බෞද්ධ ධර්මය අදහන පුද්ගලයෙක්.
හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාට එරෙහිව ගෙන ගිය තවත් මඩක් ලත් තැනම ව්‍යර්ථ වෙයි.Voice TV
Posted by Voice TV on Thursday, 17 October 2019