පවතින වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 4 ත් 6ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.
දෙසැම්බර් මාසය තුළ සතියේ දිනකදී දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 40 ක පමණ අගයක් ගත් බවත් එය මේ වනවිට ගිගාවොට් පැය 46 දක්වා ඉහළ ගොස් ඇති බවත් විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.
පවතින උණුසුම් කාළගුණ තතාවය හේතුවෙන් විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර භාවිතය ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර මෙම දිනවල ජල විදුලි උත්පාදනය, සියයට 20ත් 21ත් අතර දක්වා පහළ ගොස් ඇති බවත් නොයෙල් ප්‍රියන්ත මහතා කීවේය.
මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව සියයට 83ක් අතර පවතින බවත් ඔහු කීවේය.
මේ හේතුවෙන් මේ දිනවල සියයට 64ක්ම විදුලිය ජනනය සිදු කරන්නේ තාප බලාගාර හරහා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.