මෙරට පශූ සම්පත් ගොවිපොළවල් 31කට වැඩි ප්‍රමාණයක් තුට්ටු දෙකට විකිණීමට යන බවත් ඒ සම්බන්ධයෙන් මහ ලොකුවට කතා කළත් පිටරට සංචාර ගොස් පැමිණ පසු සමහර සමාජවාදී වීරයන් මීයන් වී ටෙන්ඩර් ක්‍රමයට ගොවිපොළවල් විකිණිමට කැමැති බවට ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
දේශපාලන කටුස්සන් වාසි පිටට පාට වෙනස් කරන බැවින් ඔවුන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලොකුවට කයිවාරු, පුරසාරම් දොඩන නායකයෝ කවදාවත් වැඩ කර නැති බවත් ඔවුන්ට මෙරට ණය බරතාවට විසදුමක් දිය නොහැකි වැඩ නැති කට විතරක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 104 වැනි අදියට යටතේ පොළොන්නරුව ඇලහැර සෑගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.