මීගොඩ වෙඩිල්ලේ කට්ටිය රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසැලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු ඇතුළු පස් දෙනකු  පැය 48 ක කාළයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංගා මද්දුමපටබැදි මෙනවිය ඊයේ(18) දින අවසරය ලබා දුන්නාය.

මෙලෙස රදවා ගැනීමේ අවසර නියම වූයේ  නිහාල් විජේසිංහ, දිලාන් සංජීව තෙන්නකෝන්, සෙනරත් ආරච්චිගේ සිසර කුමාර සහ යුද හමුදාවෙන් පලා ගිය අයකු වන  දිමුතු නිරෝෂන්, පැදිකරු ලෙස කටයුතු කළ සුජිත් කුමාර නමැති සැකකරුවන් පස් දෙනාය.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් කොල්ලකෑමට සම්බන්ධ යතුරුපැදිය සඟවා තිබූ කඩවත කිරිල්ලවර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා සහ අදාල වෙඩි තැබීම සිදුකර පළ ගිය වෙඩික්කරුට සහ පැදිකරුට නවාතැන් පහසුකම් ලබා දුන් ඉඹුල්ගොඩ ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා සහ අදාල යතුරු පැදිය අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *