Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මීගොඩ කොල්ලකෑමේ මහමොළකරු අල්ලයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථායේදී කාන්තාවකට වෙඩි තැබීමේ සහ එදිනම පුගොඩ ප්‍රදේශයේදී මංකොල්ල සිදුකිරීම  සම්බන්ධයෙන්  අවශ්‍යව සිටි  මහමොළකරු සහ වෙඩික්කරු ඇතුළු දෙදෙනක් හම්බන්තොට සහ ගොඩකවෙළ  ප්‍රදේශයවල සැගව සිටියදීද ඊයේ (18) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලද තොරතුරු අනුව වෙඩිතැබීම සදහා භාවිතා කල ගිනි අවිය,යතුරු පැදිය ද රක්වාන ප්‍රදේශයේ දී සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසලක් ඉකුත්  12 වැනි දින කොල්ල කා එහි සේවය කළ 23 හැවිරිදි තරුණියකට වෙඩි තබා සැකකරුවන් පලා යන අතරතුර පූගොඩ ප්‍ර දේශයේදී කොල්ලකෑම් සිදුකර තිබුණි.

ඔබේ අදහස