රටේ තත්වය ගැන විවාදයක්

රටේ වර්තමාන තත්වය පිළිබඳව සභාවේ කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 21 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය තීරණය කළ බව පාර්ලිමේන්තුවේ  නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

මෙම යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.

පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වෙන්නේ දින තුනක් පමණි. පොහොය දිනයේ යෙදී ඇති හෙයින් 23  වැනිදා පාර්ලිමේන්තුව රැස් නොවේ.

සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත්(සංශෝධන), උකස්(සංශෝධන), කල්බදු මූල්‍යකරණ(සංශෝධන), දේශීය භාර ලදුපත්(සංශෝධන), සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ(සංශෝධන) යන  පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම මෙන්ම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2360/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2366/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි 20 වැනිදා පෙරවරු  9.30 සිට  පස්වරු 5.00 දක්වා  විවාදයට ගැනීමට නියමිත බවද  කුලරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *