ජවිපෙට පාලනය දෙන්න තරම් මිනිස්සු මෝඩ නෑ – ප්‍රසන්න රණතුංග

ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රටේ පාලන බලය ජනතා විමුක්ති පෙරමුණට දීමට තරම් මෙරට ජනතාව මෝඩ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු වුවත් එක්වරම එය කළ කළ නොහැකි බවද  අමාත්‍යවරයා කීය.

ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි  මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඊයේ(15) සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ  ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට පොහොට්ටුව තීරණය කළහොත් ඔබ හිටගන්නේ කොයි පැත්තේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණතුංග මහතා කීවේ  පක්ෂය මතය ඉදිරිපත් කළ යුත්තේ  පුද්ගලයෙක් පදනම් කරගෙන බැවින් ඒ පුද්ගලයා අනුව තම මතය ඉදිරිපත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *