දේශීය සහ විදේශීය ආයතන අතර අවබෝධතා ගිවිසුම් ජාතික අවශ්‍යතාවලට අනුකූලද යන්න පරීක්‍ෂා කිරීමට හා සමාලෝචනය කිරීම සඳහා රජය කමිටුවක් පත්කළ බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
අදාල ගිවිසුම් ජාතියේ යහපතට ගැලපෙන බව සහතික කිරීම මෙම කමිටුවේ මූලික අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මෙම කමිටුව ආරක්‍ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අනෙකුත් අදාල දෙපාර්තමේන්තු ඇතුළු ප්‍රධාන රජයේ ආයතන වල නියෝජිතයන්ගෙන් සමන්විත වන අතර දැනට පවතින අවබෝධතා ගිවිසුම් පරීක්‍ෂා කිරීම සහ ඒවා වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම හා අත්දැකීම් යොදා ගනිමින් අවබෝධතා ගිවිසුම් සමාලෝචනය කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රමිත බණ්ඩාර මහතා පැවැසීය.