හැර ගිය අයෙක් එක්ක රංගෙ මාධ්‍ය හමුවක

එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් වීම යනු රට බංකොලොත් වීම යැයි එජාප  මහ ලේකම් පාලිත රංගේ  බණ්ඩාර මහතා පැවසීය.

දැන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වෙමින් පවතින අතර රටද ශක්තිමත් වීම අරඹා ඇතැයි එජාප මහ ලේකම්වරයා කීය.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රංගෙ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ කටුගම්පොළ ආසනයේ හිටපු සංවිධායක මෙන්ම හිටපු කැබිනට් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත්‍ර අසංක පෙරේරා මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ පාලිත රංග බණ්ඩාර මහතා පැවසූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පතාක   යෝධයකු වූ ජයවික්‍රම පෙරේරා මහතාගේ  පුත්‍රයා එජාපය  සමග එකතුවීම සුවිශේෂී සිද්ධියක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *