ගම්පහ මිනිස්සු සිටින තුරු අඩියක් පස්සට ගන්නෙ නෑ – අමාත්‍ය ප්‍රසන්න

ගෙවල් ගිනි තබා දේපළ විනාශ කර තර්ජනය කොට තම දේශපාලන ගමන නතර කළ නොහැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කළගුණ දන්නා මිනිසුන් ගම්පහ සිටිනතුරු තමන් අඩියක්වත් පස්සට යන්නට සුදානම් නොමැති බවද අමාත්‍යවරයා කීය.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ බව සදහන් කළේ මිනුවන්ගොඩ කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දූ දරුවන් 1,200 කට පොත් කට්ටල ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. උඩුගම්පළ සතිපොළ භූමියේදී මෙම උත්සවය පැවැත්විණි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ උපදෙස් මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව මෙම වැඩසටහන සංවිධාන කළේය.මෙහි එක පොත් කට්ටලයක මිල රුපියල් 7,500 ක් පමණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *