සමාජ මාධ්‍යජාල යොදාගෙන මැති ඇමතිවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් එවැනි පුද්ගලයන් මෙහෙයවන අය ඉදිරියෙදී හෙළි කරන බවත් මහජන ආරක්‍ෂක ආමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
එම පුද්ගලයාට දේශපාලඥයෙක් ඒ සඳහා ඩොලර්වලින් මුදල් දුන්නේ යැයි ඔහු ප්‍රකාශ කළ බව කී අමාත්‍යවරයා මුදල් දී මෙවැනි දේ ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
මහජන ආරක්‍ෂක ආමාත්‍ය ටිරාන් අලස් මහතා පානදුරේදී පැවැති උත්සවයකදී එසේ පැවසීය.