අවුරුද්දයි මාස අටකදී රට හරි පාරට ගත් ජනපතිට වසර දොළහක් රට බාර දුන්නොත් ආසියාවේම බලවත් රටක් බවට පත් කිරීම සුළු කාරණයක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
යන්න තිබෙන පාර හොඳාකාරවම පැහැදිලි නම් වෙනත් පාරවල් පෙන්වා ජනතාව මුලා කිරීම ජාතියට කරන පාප කර්මයක් බවද අබේවර්ධන මහතා කීය.
පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
හොරා හොරා කියමින් හොරු අල්ලන්න කියමින් හිටියාට වැඩක් නැතැයි ද ඊට නීති රීති අවශ්‍ය බව ද කී අබෙිවර්ධන මහතා දැන් ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන බව කීය.
දූෂණය පාලනය කරන්නට ආදායම් බදු අංකය ඉතා වැදගත් බවද අයථා මුදල් පරිහරණය නතර වන්නේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.