ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට විදේශ දඟ පන්දු පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඕස්ටේ්‍රලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙක් වන ක්‍රේග් හොවාඩ් මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඇෆ්ගනිස්තානයට එරෙහිව මේ මස ආරම්භ වන එක්දින තරගාවලියේ සිට හොවාඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා පෙබරවාරි මස 1 වැනිදා සිට වසර දෙකක කාලයක් දක්වා දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර ඇති බවත් ක්‍රිකට් ආයතනය කීය.

ක්‍රේග් හොවාඩ් මහතා ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *