ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහාය ලබා දෙන බව ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සුදත් දේවපුර ඇතුළු එහි සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා හමුවේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය.
ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් ලැබී ඇති නමුත් රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් තමන් ඉදිරිපත් නොවී වික්රමසිංහ මහතාට සහාය දක්වන බවයි.