නවීන තාක්ෂණය එකතු කරගනිමින් ජාතික සත්වෝද්‍යාන තුළින් ජනතාවට නව අත්දැකීමක් ලබාදීම සිය අරමුණ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය පවසන්නීය.
නව තනතුරේ වැඩ භාරගැනීමේ අවස්ථාවට ඊයේ(28) එක්වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.
“දෙහිවල ජාතික සත්වෝද්‍යාන මෙතනින් ගෙනියන්න අදහසක් තිබ්බත් ඉතා ඉක්මණින් ඒක වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. එය විශාල ව්‍යාපෘතියක්. බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. ගොඩක් අයගේ තියෙන චෝදනාවක් තමයි සත්වෝද්‍යාන එදා දැක්ක විදිහටමයි තාමත් තියෙන්නේ කියලා. ඉතින් මම ප්‍රධාන අරමුණක් තමයි නවීන තාක්ෂණයත් සමග අලුත් අත්දැකීමක් නරඹන්නන්ට ලබාදෙන්න.”
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ඉකුත් දා පත්වූවාය.
වෘත්තියෙන් ගණකාධිකාරිවරියක් වන ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය සහ මුල්‍ය කළමණාකරණය පිළිබඳ ප්‍රථම ගෞරව උපාධියක් ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති බව සඳහන්ය.
ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානී ලෙස ද මීට පෙර කටයුතු කර ඇත