Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බන්දුල ගුණවර්ධන දේශපාලනයෙන් සමු ගනී ද?

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්
දැඩි කතාබහකට ලක්වූ සුදු ළුෑණු වංචාවට තමාගේ නමද ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයෙන් සාධාරණයක් ඉටු නොවුනහොත් දේශපාලනයෙන් සමුගන්නා බවය.

තමාට අයත් නොවන ආණ්ඩුවේ කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් මේ මොහොතේ තමන් කිසිදු අදහසක් පළ නොකර නිහඬව සිටින බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

 

ඔබේ අදහස