කොවිඩ් මරණ 59ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ ඊයේ දින තහවුරු කර ඇත.
මෙම මරණ 59ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,965ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
එම කොවිඩ් මරණ 59න් 31 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 28දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 47 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
මේ අතර තවත් කොවිඩ් ආසාදිතයින් 734ක් ද අද හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 517,199කි.
මේ අතර, බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල සහ අනුරාධපුර හා කුරුණෑගල ශික්ෂණ රෝහල්වල දැනට ක්‍රියාත්මක වයස අවුරුදු 12 – 19ත් අතර ආබාධ සහිත දරුවන්ගේ එන්නත්කරණ වැඩසටහන හෙට සිට දිවයිනේ සියලු පළාත්වල රජයේ රෝහල්වලදී ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වු අනුරාධපුර ශික්ෂණ රෝහලේ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය උදය ද සිල්වා මහතා,
“පාසල් ආරම්භ කිරීමට නම්, සැලකිය යුතු ප්‍රමාණයක් එන්නත් කිරීම අත්‍යාවශ්‍යයි. එම නිසා මෙම වැඩපිළිවෙලට සහය දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.”