සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවතට

සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරිමට ඊයේ රාත්‍රියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ..

වෙළඳපලේ කෘතිම සහල් හිගයක් ඇති කිරීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යවරයාට අවසර ලබාදීමට එහිදී තීරණය වී ඇත.

මේ අතර කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්තිවල මිල සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගෙන නොමැති බව වැඩිදුරටත් වාර්තා වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *