ඒ අනුව බොහෝදුරට දිනපතා රාත්‍රී දහයේ සිට පසු දින අලුයම 4 දක්වා නිරෝධායන ඇදිරී නීතිය පැනවීමට නියමිතව ඇත.
ඔක්තෝම්බර් පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
ඒ අනුව විවාහ මංගල උත්සව සදහා දැඩි සීමා පැනවෙනු ඇත.
සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් එම උත්සව නිවෙස් තුළ පමණක් සිදු කිරීමට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.
අවමංගල්‍ය උත්සව සදහා මෙන්ම ජනතාව සමූහ වශයෙන් එක් විය හැකි තවත් ක්‍රියාකාරකම් රැසක් වෙනුවෙන්ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හරහා දැඩි සීමා පැනවෙනු ඇත.
මේ අතර සීමාවන්ට යටත්ව ඔක්තෝම්බර් පළමු වනදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 30 වනදා ගන්නා බව අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී පැවසීය.
රට විවෘත කළද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසුවේය.