කොළඹ මහනගර සීමාව තුළ ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපළ පිළිබඳව ජනතාවට දැනුම්දීමක්

කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස දේපළ හිමිකරුවන් වෙත දැනුම්දී තිබේ.

කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණි දිසානායක මහත්මිය විසින් එම දැනුම්දීම සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දේපලවල අයිතිය සුරක්ෂිත කරගැනීමට එම දේපළ නගර සභාවේ ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය බවද එම නිවේදනයේ දැක්වෙයි.

නාගරික කොට්ඨාසවලට අදාළව මේ දක්වා ලියාපදිංචි වී නොමැති දේපළ පිළිබඳ තොරතුරු කොළඹ මහනගර සභාවේ www.colombo.mc.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *