රෝහලේ අත්බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිලියක් තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු හෙළිකර තිබූ තොරතුරු අනුවය.

එලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු එම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුට බෝම්බය සකස් කිරීම සඳහා උදව් උපකාර කර ඇති බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී එලෙස අත්බෝම්බයක් සොයා ගැනුණේ පසුගිය 14 වනදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *