නිසි අවසරයක් නොමැතිව බස්නාහිර පළාතේ මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයන් 334 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 174 ක් සමග ආපසු හරවා යැවූ බව පොලීසිය පවසයි.
බස්නාහිර පළාතෙන් පිටවීමට පැමිණි වාහන 793 ක් සමගින් පුද්ගලයින් 1,250 දෙනෙකු ඊයේ පරීක්‍ෂා කර තිබේ.
තවත් වාහන 781 ක් සමගින් පුද්ගලයින් 1,121 දෙනෙකු පරීක්‍ෂා කර ඇත්තේ බස්නාහිර පළාතට ඇතුළුවීමේදීයි.
මේ අතර නිරෝධායනය නීති උල්ලංගණය කළ පුද්ගලයින් 489 දෙනෙකු සමග වාහන 29 ක් ඉකුත් පැය විසිහතර තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයන් සංඛ්‍යාව 77,125 ක් වන බව පොලීසිය පැවසීය.