Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

තෙවැනි මාත්‍රාවක් සඳහා මිල දී ගන්නා එන්නත

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ඒ සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවය.

එම එන්නත් සඳහා අවශ්‍ය සියලු මුදල් ලෝක බැංකුව මඟින් ඔක්තෝබර් මස 1 වන දා වන විට ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

ඔබේ අදහස