Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සේවයෙන් පහ කරයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව එම ධුරයෙන් පහකර තිබේ.

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට දිනයේ සිට ක්‍රියාත්මක වනපරිදි එලෙස ධූරයෙන් පහකර ඇති බව වාර්තා වෙයි.

ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්ය.

ඊට අමතරව ඔහුව ප්‍රාදේශීය සභාවේ සාමාජිකත්වයෙන් ද පහකර තිබේ.

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම තීරණය ගෙන ඇත.

නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ඔබේ අදහස