කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදයක්?

මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදුරළ මීටර් 02 ත් 02 යි දශම 5 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතියි.

වඩදිය සමග මෙම තත්ත්වය ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනාවැකි මෙරිල් මෙන්ඩිස් පැවසුවේය.

මෙය අනතුරුදායක තත්ත්වයක් නොවන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *