අගමැති ජී 20 අන්තර් ආගමික සමුළුව අමතයි

මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුව ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී අද ආරම්භ වේ.

එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

ඒ, ප්‍රධාන දේශනය පවත්වන ලෙස අග්‍රාමාත්‍යවරයාට කළ ආරාධනයකට අනුවය. මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුවේ තේමාව වී ඇත්තේ “සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය” යන්නයි.

ජී 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලියට ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු හමුවීමට ද නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *