වත්මන් ආණ්ඩුව මගින් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබානොදෙන්නේ නම් ජාත්‍යන්තරය හරහා හෝ ඒ සඳහා සාධාරණයක් ඉල්ලා සිටිමේ කිසිදු වැරද්දක් නොමැති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසති.
පසුගිය ආණ්ඩුවට ද එහි වගකිව යුත්තන් සෙවීමේ වුවමනාවක් නොතිබූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීත්‍යානූකූල වැඩිපිළිවෙලක් කළ යුතුය. පසුගිය යහපාලන රජයේ වගකිවයුත්තන් ඒ වගකීම කළේ නැත. ඒ නායකයෝ තමන්ගේ වගකීම ඉටුකළේ තැනි නිසා තමයි ඒ වාගේ සිද්ධියක් වුණේ ඒ සිද්ධිය වුණාට පසු වැරදිකරුවන් සොයන්නට ගිය ආණ්ඩුව උනන්දු වුණේ නැහැ. මේක තනි ආගමික කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට හෝ කාදිනල්වරයාට හෝ පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නට බැහැ. මේක රටක ප්‍රශ්නයක් මේ ප්රශ්නය විසදන්න තමයි මේ පාලකයෝ ඉදිරියට ආවේ. ඉතින් ඒ දේ කරන්නට ඕනේ. මෙයින් විපතට පත්වුණු විදේශිකයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා ජාත්‍යන්තරයට යා යුතු ප්‍රශ්නයක් මේ ප්රශ්නය හැබැයි ඊට කලින් අපේ පාලකයෝ දුරදක්නා නුවණින් බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්න. අවංක භාවය මෙතන අංක එක. “