ආනයන සීමා කිරීමෙන් තරඟකාරි ආර්ථිකයක් ඇති කළ නොහැකි බව ඉරාන් වික්‍රමරත්න පවසයි

ආනයනය සීමාකිරීම මගින් රට තුළ තරඟකාරි ආර්ථිකයක් ඇති කළ නොහැකි බව ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රිවරයා පවසයි.

භාණ්ඩ මිල පහළ දැමීමට නම් රට තුළ තරඟකාරි ආර්ථික රටාවක් තිබිය යුතු බව මන්ත්‍රිවරයා සඳහන් කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එරාන් වික්‍රමරත්න මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.

“භාණ්ඩ හිඟයක් තියෙනකොට භාණ්ඩවල මිල ඉහළට යනවා. ව්‍යාපාරිකයෝ එකක් වැරදි හොයනවා. ව්‍යාපාරිකයෝ බඩු හංගනවා.  ව්‍යාපාර කරන්නේ ඒ අය ලාභ ලබන්න. එතකොට මිල පහළට ගෙනෙන්නට පුළුවන්, ලාභය තරඟකාරි තැනකට ගෙන එන්නට පුළුවන් තරඟකාරි ආර්ථිකයක් ඇතිකරන්නට ඕනේ. එතකොට ඒක කරන්නට බැහැ ආනයනට සීමාකරලා. ආනයනය අපනයනය තිබෙන්නට ඕනේ. ඒ ඕනෑම ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන එන්නට පුළුවන් වෙන්න ඕනේ. අපේ ආනයනයෙන් 80%ක් ම සාමාන්‍යයෙන් ලංකාවේ දේ ලංකාවේ නිෂ්පාදනය කරන්න ඒකටයි යන්නේ. එතකොට බඩු මිල පහළට එනවා. ඕනෑම දෙයක මිල පහළ එන්නේ තරඟකාරීත්වයත් තිබුණු විට.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *