Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බොබ් මාලි ඇතුළු සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ ඇතුළු තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

සැකකරුවන්ව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ඔවුන්ව ලබන 15වනදා දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබේ.

බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ, ඔහුගේ බිරිඳ සහ ඔහුට නවාතැන් සැපයූ නිවසේ හිමිකරු එම සැකකරුවන් තිදෙනාය.

රුපියල් කෝටි 300 ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

ඔබේ අදහස