මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට ද තුවාල කළ කැදවුම්කරු ඇතුළු සිවු දෙනා රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා සැප්තැම්බර් 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පාර්ලිමේන්තු වටරවුම අසල පසුගියදා පැවති විරෝධතාවයේදී පොදු දේපළවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 3වනදා ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව චමීර කොස්වත්ත, කෝසලා හංසමාලි, අමිල සන්දීප, වසන්ත මුදලිගේ එලෙස යළි රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළේය.

එම විරෝධතාවයේදී මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට ද තුවාල සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *