නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා ලබාදෙන රුපියල් 10,000ක බඩු මල්ල අඩු ආදායම් පවුල් සඳහා පමණක් ලබා දීමට තීරණය කර ඇත

මේ වනවිට රට තුළ උද්ගත වී ඇති ව්‍යසනකාරී තත්ත්වය නිසා නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා ලබාදෙන රුපියල් 10,000ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩු මල්ල අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකාය නිකුත් කර ඇති ලිපියක දැක්වෙන්නේ 2021.08.23 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බවය.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඒ බව දැනුම්දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *