පසුගිය 13 වනදා වන විට මෙරට කොවිඩ් ආසාදිතව මියගිය අය අතරින් 97.7%ක පිරිසක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොසිටි පුද්ගලයින් බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
දත්තවලට අනුව ඉකුත් 13 වනදා වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,775ක් වූ අතර ඔවුන් අතරින් 5,295 දෙනෙකුම කිසිදු කොවිඩ් එන්නතක් ලබාගෙන නොතිබූ බව සඳහන් වෙයි.
කොවිඩ් ආසාදිතව මියගිය සෙසු 480දෙනා එක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන සිටි අය බව දත්ත වල දැක්වෙයි.
ඔවුන් අතරින් එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන සිටියදී මියගොස් ඇති ගණන 417කි.
එය සමස්ත මරණ සංඛ්‍යාවෙන් 7.2%ක් ලෙස දැක්විය හැකිය.
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටියදී ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින් ගණන 63 දෙනෙකු වන අතර එය සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවෙන් 1.1%ක අගයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.