වැඩිහිටි නිවාසයක 46කට කොවිඩ් – තිදෙනෙක් මරුට

වැඩිහිටි නිවාසයක කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මහනුවර පිහිටි එම වැඩිහිටි නිවාසයෙන් මේ වනවිට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 46 දෙනෙකු ද හඳුනාගෙන ඇත.

ඊයේ රාත්‍රියේ ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර අද අනෙක් පුද්ගලයා මියගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

මහනුවර මහනගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහන් කළේ එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 63 දෙනෙකු නේවාසිකව රැඳීසිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *