ඔක්සිජන් නැතුව මැරෙයි – වෛද්‍ය ජීවන්දර

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ බලපෑම ඉදිරි දෙසතිය තුළ ඉතා ප්‍රබලවනු ඇති බව වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

‘දෙරණ අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ වඩාත් අවශ්‍ය වන්නේ ආහාර ද? ඔක්සිජන් ද? යන්න මත ප්‍රතිපත්ති තීරණය කළ යුතු බවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ,

“මේ ඩෙල්ටා බලපෑම පටන්ගත්තා විතරයි. මේකේ දරුණු බව ඉදිරියට තමයි බලාපොරොත්තුවෙන්නේ. විශේෂයෙන් ඉදිරි සති දෙක තුන ඉතාමත්ම තීරණාත්මකයි. වුහාන් ප්‍රභේදයට වඩා දෙගුණයකින් මේක පැතිරෙනවා. තප්පර 5ක අපි මේ මාස්ක් එක ගැලෙව්වොත් ඒ කාලය ඇති අපි ආසාදිතයෙක් වෙන්න. මේ අවස්ථාවේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි මේකෙ පැතිරීම වළක්වන්න. අපිට හෙට දිනයේ තියෙන ප්‍රශ්නය තමයි කන්න නැතුව මැරෙනවා ද? ඔක්සිජන් නැතුව මැරෙනවා ද? කියන එක. කන්න නැතුව මැරෙන්නේ නෑ. මොකද කන්න තියෙන මිනිහෙක් අපිට ගෙනත් දෙයි. හැබැයි ඔක්සිජන් නැති වුණොත් අපිට ජීවත්වෙන්න බෑ. අලුතෙන්ම තීරණ අරගෙන ඉදිරියට යා යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *