කොවිඩ් මරණ 124ක්

කොවිඩ් මරණ 124ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

මෙම මරණ ඊයේ දින තහවුරු කර ඇති අතර එම මරණ 124ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,464ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 49 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 75 දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 95 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අංශ කළ නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *