කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ප්‍රාදේශීය ලේකම්වරිය ද මෙම කොවිඩ් ආසාදිතයින් අතර සිටින බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව ඔවුන් සියලුදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත.
ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.