ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට සිය අසුන ලබාදීමට පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකු සූදානමින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන සතියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට මේ වනවිට විවිධ මත පළවෙමින් පවතී.
කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ නම් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්විය යුතු අතර ඒ සම්බන්ධයෙන් ද මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබේ.
ඉල්ලා අස්වන මන්ත්‍රීවරයාට රජයේ වෙනත් තනතුරක් ලබාදීම සඳහා මේ වනවිටත් විවිධ යෝජනා ඉදිරිපත්ව ඇති බව සඳහන්ය.