හරක් කටාගේ තවත් ගෝලයෙකු අතඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් වන “හරක් කටා“ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමක දී වැලිගම, ගාලුපාර ආසන්නයේ දී හෙරොයින් සන්තකයේ තබා සිටිය දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රී 8.30ට පමණ එම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු සමරසිංහ ගමගෙයි චමින්ද නොහොත් “කොකු චමින්ද“ නමින් හඳුන්වනු ලබන බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

වයස අවුරුදු 39ක් වු වැලිගම ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 650ක් ද සොයා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *