Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොවිඩ් එන්නත ලබාදේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අද (16) දිනයේ සිට කොරෝනා මර්දන එන්නත ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පවසා සිටියි. ඒ අනුව අද දිනයේ සිට 19 වැනිදා තෙක් කොරෝනා මර්දන එන්නත ඔවුන්ට ලබාදෙනු ඇත.

මෙම එන්නත කොළඹ යුද හමුදා රෝහලේදී මන්ත්‍රීවරුන්ට ලබාදෙන අතර, උදෑසන 8.30ත් 12.00ත් අතර පැමිණිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

ඔබේ අදහස